ජාතික ජන බලවේගයට බලය හිමි වූ බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස පත්ව සිටි කේ. ජී ප්‍රේමදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නව සභාපතිවරයකු පත්කර ගැනීමට වූ නිලවරණය ඊයේ (12) බලන්ගොඩ නගරසභාවේ දී පැවැත්වුණා.

එහිදී සභාපතිධූරය සඳහා අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වූ අතර මාලිමාව වෙනුවෙන් හිටපු උප සභාපති පේෂල තුෂාර ජයසේන හා සජබය වෙනුවෙන් බී. විමලසේන ද තවත් එක් තරගකරුවෙකුද ඉදිරිපත් වී තිබුණා. පළමුව රහස් ඡන්දයක් ද, විවෘත ඡන්දයක්ද යන්න සලකා බැලීමට ඡන්දයක් තිබූ අතර එහිදී රහස් ඡන්දයක් වෙනුවෙන් ඡන්ද නවයක් ද, විවෘත ඡන්දයක් ලෙස ඡන්ද හයක්ද ප්‍රතික්ෂේප ලෙස එක ඡන්දයක් ද ලැබී තිබුණා. ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන ලදී.

මෙහිදී මාලිමාව වෙනුවෙන් ඉදිරිපත් වූ පේෂල නිකලන්ද මහතා ඡන්ද එකොළහක් ලබා ගනිමින් නව සභාපතිවරයා ලෙස බලංගොඩ නගර සභාවට තේරී පත්වුණා. සජබයෙන් ඉදිරිපත්ව සිටි බී. විමලසේන මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද පහක් පමණයි. මෙහිදී විශේෂත්වය වන්නේ, බලංගොඩ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය අනුව මාලිමාවට ධූර හතක්, සජබයට පහක්, පොහොට්ටුවට දෙකක්, එජාප යට එකක් සහ ස්වාධීන කණ්ඩායමකට එකක් ලෙස පවතිද්දීත් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඡන්ද එකොලහක් ලබා ගැනීමයි.

මෙයට පෙර සභාපතිවරයා ලෙස තේරී පත් වූ කේ.ජී ප්‍රේමදාස මහතා සභාපති වූ අවස්ථාවේ ලබාගෙන තිබුණේ ඡන්ද අටක් පමණක් වුවත් මෙවර ඡන්ද එකොළහක් ලබා ගැනීමට හැකිවූයේ පසුගිය කාල සීමාවේදී බලංගොඩ නගර සභාවේ මාලිමාවේ පාලනය තුලින් ඇතිකරගත් විශ්වාසය බවයි නව නගරාධිපති සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *