Post Views: 149 විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූහ. විදේශ සහනාධාර සම්බන්ධීකරණය සමාලෝචනය කිරීම සහ දැනට ක්‍රියාත්මක ආපදා සහන වැඩසටහන් වල පූර්ණ විනිවිදභාවය හා මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීම මෙම රැස්වීමේ අරමුණ විය. වඩා ක්‍රමානුකූල හා විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් තුලින් එම සහනාධාර අවශ්‍ය ජනතාව වෙත ප්‍රතිලාභ සැලසෙන පරිදි, සාධාරණ ලෙස බෙදා හැරීම පිළිබඳව කමිටු සාමාජිකයෝ සාකච්ඡා කළහ. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, විදේශ සහනාධාර භාවිතය ප්‍රශස්ත කිරීම සඳහා අදාළ සියලුම ආයතන අතර මනා සහයෝගීතාවයකින් යුත් ක්‍රියාමාර්ග අවශ්‍ය බව අවධාරණය කල අතර, සහන බෙදා හැරීමේ කටයුතු වල කාර්යක්‍ෂමතාව, වගවීම සහ ප්‍රතිචාරාත්මක බව සහතික කිරීම සඳහා සහන සම්බන්ධීකරණ රාමු ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මීට අමතරව, අවශ්‍ය සියලුම දත්ත වාර්තා සහ තොරතුරු ප්‍රමාදයකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙස ඔහු කමිටුවට උපදෙස් ලබා දුන්නේය. මෙම විදේශ ආපදා සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව සඳහා කමිටු සාමාජිකයින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ශ්‍රී ලංකා රේගුවේ නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post navigation 78 වන නිදහස් සමරුව කොළඹ නිදහස් චතුරස්රයේදී උත්සවාකාරයෙන් සැමරේ. මහනුවර ව්‍යාපාරිකයන්ට ලක්ෂ 2 බැගින් ලැබෙන වැඩසටහනක් හෙට.