Post Views: 184 78 වන ජාතික නිදහස් සමරුව අද (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. ‘ගොඩනගමු ශ්‍රී ලංකා’ යන තේමාව මුල්කරගෙන චාම් සහ අභිමානවත් අයුරින් සැමරුනු මෙවර නිදහස් දින පෙළපාළියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීහු 234 ක්,හමුදා භටයන් 3,323 ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීහු 12 ක්, ශිෂ්‍ය භටයෝ 479 ක් සහභාගීවූහ. සමරු උත්සවය ඇරඹීමට පෙර අද උදෑසනම කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහ කරූ ජයසූරිය මහතා විසින් සිදුකෙරුනු අතර ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් නාවික හමුදාව විසින් ගාලුමුවදොර මුහුදු තීරයේ රැඳවූ නෞකාවක සිට උත්තමාචාර වෙඩිමුරයක්ද පවත්වන ලදී. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්, මැති ඇමතිවරුන්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් ජාතික නිදහස් සමරුවට එක්ව සිටියහ. 78 වන ජාතික නිදහස් සමරු උළෙලේ සුවිශේෂී අවස්ථා කිහිපයක් පහතින්, Post navigation විගණකාධිපති පත් කිරීමට ජනපති කල නාමයෝජනාව ව්‍යවස්ථා සභාව අනුමත කරයි. විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ.