Post Views: 85 ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු මෙලෙස ස්ථානමාරු කිරීම් සිදුකර තිබෙන අතර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා යන මහත්වරුන්ද මෙම මාරුකිරීම් යටතේ නව පත්වීම් ලබා ඇත.ඒ අනුව,නියෝජ්‍ය පොලිස්පති ඊ. එම්. ජී. ජේ සේරම් – ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර – ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකර යවා ඇත. ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසයටත්,ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. එම්. ගුණවර්ධන මහතා මොනරාගල කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයටත්,ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ. ආර්. පුෂ්පකුමාර මහතා කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙසත් මාරුකර යවා තිබෙනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර මහතා කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාල අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඩබ්. එම්. එස්. බී. වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත්,මහනුවර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩී. ඉලංගකෝන් මහතා ගම්පොළ කොට්ඨාසයටත් මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර සිටී. මේ වනවිට වඩාත් කතාබහට ලක්වී ඇති විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන ඒම සඳහා කැපවී කටයුතු කල සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති බවත් පොලිස් මූලස්ථානය සදහන් කර සිටී. Post navigation මාසික ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත් කෙරේ. විගණකාධිපති පත් කිරීමට ජනපති කල නාමයෝජනාව ව්‍යවස්ථා සභාව අනුමත කරයි.