Post Views: 444 2026 ජාත්‍යන්තර රේගු දිනය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ දී පැවැත්වුනි. “සුපරීක්ෂාකාරීත්වය සහ කැපවීම තුළින් සමාජය ආරක්ෂා කරන රේගුව.” යන තේමාවෙන් මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරීම සිදුකෙරුනි. මෙරටට ඇති සැපයුම් මාර්ග දෙක වන ගුවන් හා නාවික මාර්ගයන්ගෙන් රට තුලට පැමිණෙන හා රටින් පිටවන සියළුම දේ නිසි පරිදි පරික්ෂාවට ලක්කර ගෝලීය වෙළදාම / දේශසීමා ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව පවත්වාගැනීම සඳහා රේගුව ඉමහත් කාර්යභාරයක් සිදුකරන බවත් රේගුවේ අරමුණ පැහැදිලි කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මෙහිදී පැවසීය. නීති විරෝධි වෙළෙඳාමෙන් රටත් මහජනතාවත් ආරක්ෂා කිරීම සඳහා රාජකාරියේ දී දක්ෂතා දැක්වූ රේගු නිලධාරීන්ගේ නොපසුබට කැපවීම ඇගයීම ද මෙහිදී සිදුකෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, රේගුවේ ඉහල කළමණාකාරීත්වය, විදේශීය ආරාධිතයන් සහ සම්භාවනීයයන් රැසක් මේ අවස්ථාව සදහා එක්ව සිටින ලදී. Post navigation Navy intercepts 02 narcotics-laden trawlers with 11 suspects in southern seas A “Narrative Journalism” training workshop was held recently.