Post Views: 319 පසුගිය 23 දා සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුමාර කුලරත්න මහතාගේ වැඩතහනම් කර ඇත. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව විසින් ගත් තීරණයක් මත මෙම වැඩතහනම ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම පියවර ගත් බවයි දැනට වාර්තා වන්නේ. ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු වන ඔහු 2023 සැප්තැම්බර් 15දා සිට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කරනු ලැබුවා. චමින්ද කුලරත්න මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ද වේ. තවද ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වන අතර 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ (Bar Council) සාමාජිකයෙකු ද වනවා. ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න සිය 20 වසරක වෘත්තිය ගමන් මඟ තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුලු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා තිබෙනවා. එමෙන්ම ඔහු ව්‍යවස්ථාපිත නීතිය, පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාදාමයන් පිළිබඳව ද, රාජ්‍ය පරිපාලනය හා මුදල් රෙගුලාසි පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් ද වන අතර එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දුනීසියාව, ජපානය ඇතුලු රටවල් රැසක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා රැසකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී අත්දැකීම් සහිත නිළධාරියෙකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය කනස්සල්ල පළ කර තිබේ. ඔහු සදහන් කර ඇත්තේ, චෝදනා පත්‍රයක්, පරීක්ෂණයක් හෝ ඒ සම්බන්ධ විමසීමට හෝ අයිතියක් නොමැතිව මෙම වැඩතහනමකට ලක්කිරීම සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා පල වන බවය. එමෙන්ම, පාර්ලිමේන්තුවේ නිසි ක්‍රියාවලිය බිඳ වැටුණු විට, රටට යවන ලද පණිවිඩය අතිශයින් භයානක වන බවත් මංත්‍රීවරයා සිය සටහනෙන් පවසා ඇත. Post navigation ව්‍යවස්ථායක සභාවේ නව සිවිල් සමාජ නියෝජිතයන් පත් කෙරේ. Navy intercepts 02 narcotics-laden trawlers with 11 suspects in southern seas