දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 226 කට අධික වටිනාකමින් යුත් මූල්‍ය සහනාධාර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින නාරාහේන්පිට, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, මෙම ආපදාව සුනාමි ව්‍යසනයටත් වඩා හතර ගුණයක ආර්ථික බලපෑමක් (ඇ.ඩො. බිලියන 4.3ක්) ඇති කළ බව පෙන්වා දුන්නේය. “රට දැඩි ආර්ථික අභියෝග මැද සිටියත්, අපේ රජය 200% ක්ම ධීවර ජනතාව සමඟ සිටිනවා. අපේ අරමුණ හුදෙක් තිබූ තත්ත්වයට පත් කිරීම නොව, නවීන තාක්ෂණය සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම කර්මාන්තය ශක්තිමත්ව ගොඩනැගීමයි,” යැයිද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *