බස්නාහිර පළාත් සභාව, HSBC බැංකුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) සහ Clean Ocean Force Lanka ආයතනය එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බේරේ වැව සුරැකීමේ ව්‍යාපෘතිය යටතේ සූර්‌ය බලයෙන් ක්‍රියා කරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (19) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනි.

නාගරික පාරිසරික පද්ධති සුරැකීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, බේරේ වැව ප්‍රතිසංස්කරණ කාර්ය සාධක බලකාය හරහා බස්නාහිර ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මෙහි විශේෂත්වය වන්නේ කොළඹ නගරයේ ජල මාර්ග පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම මේ සඳහා අලුතින් හඳුන්වා දෙනු ලබන සුර්ය බලයෙන් ක්‍රියා කරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ (Waste Interceptor) යාත්‍රා හරහා සිදුකිරීමයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුෂූප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාරම්භක අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් තෙරේසා ඕ මහෝනි මහත්මිය, HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී මාක් සර්ජෙනර්, බේරේ වැව සුරැකීමේ ව්‍යාපෘතියේ සභාපති චතුර කහදව ආරච්චි, Clean Ocean Force ප්‍රධාන විධායක නිළධාරී ජෙරම් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *