Post Views: 480 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමට අදාලව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (14) දින සිදු කිරීමට නියමිතව තිබුනි. මෙම ඝාතනයට අදාලව විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කරමින් නඩු පවරා තිබූ අතර විනිසුරු සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරු මඩුල්ල ඉදිරියේ අද (14) එම නඩුව කැඳවන ලදී. එහිදී මෙම නඩුවට අදාලව විත්තිකරුවන් 41 දෙනෙකු සිටින හෙයින් මෙම සෑම විත්තිකරුවෙක් සම්බන්ධයෙන්ම වෙන් වෙන්ව සාක්ෂි හා CCTV දර්ශන ආදිය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව සඳහන් කරමින් අද එම තීන්දුව ප්‍රකාශ කිරීම අපහසු බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරන ලදී. ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම එළඹෙන පෙබරවාරි 11 වැනිදා දක්වා කල් තබන බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කලේ. 2022 වසරේ ඇතිවූ අරගලයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේදී පහර දී ඝාතනය කර තිබුණි. එම සිදුවීම එවකට මෙරට සමාජය තුල මහත් කම්පනයක් ඇතිකල සිදුවීමක් වූ අතර මංත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කරන සජීවී දර්ශන සමාජ මාධ්‍ය තුල විශාල ලෙස සංසරණය විය. Post navigation The United States Ambassador to Sri Lanka, Julie Chung, is set to depart the country soon. විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් තිදෙනෙක් මෙරටට රැගෙන එයි.