Post Views: 61 ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවූ පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමක් දක්නට ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත් දෙපාර්තමේන්තුවේ අනාවැකි සහ නිවේදන පිළිබඳව ධීවර, නාවික ප්‍රජාව සහ සියලු මහජනතාව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 අතර පමණ විය හැකි බවත් සදහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, උතුරු, උතුරු මැද, නැගෙනහිර යන පළාත් තුනකට අනිද්දා (10) දක්වා වලංගු වන පරිදි තද සුළං පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ද බස්නාහිර, වයඹ, මධ්‍යම පළාත්වලට අද (8) සහ හෙට (9) දිනවලට වලංගු වන පරිදි රතු නිවේදනයක් ද නිකුත් කර ඇත. පළාත් කිහිපයකටම මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වීමේ තත්වයක් තිබෙන බවත් නාය යාම් පිලිබඳව අවධානයෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී. Post navigation මහ රෑ නවගමුවෙන් පත්තුවූ වෙඩිල්ල. அறிமுகப்படுத்தப்படவுள்ள புதிய காப்பீட்டு அட்டைக்கு இணங்க மேல் மாகாண போக்குவரத்து பொலிஸ் அதிகாரிகளுக்கு 500 டேப் கணினிகள்.