ශ්‍රී ලංකාවේ ටැක්සි ප්‍රවාහන ක්ෂේත්‍රය සැමට සාධාරණ නව යුගයක් කරා ගෙන යාමේ ආරම්භය සනිටුහන් කරමින් මෙරට නවතම දේශීය ටැක්සි සේවාව වන HelaGo, අද කොළඹ Waters Edge හිදී HelaGo රියදුරන් 200 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් එළිදක්වන ලදී.

රියදුරු – මගී දෙපාර්ශවය සඳහාම සාධාරණත්වය සහ විනිවිදභාවය සහතික වන පරිදි ගොඩනගා ඇති HelaGo නව ටැක්සි සේවාව, වඩාත් විවෘත හා සාධාරණ දේශීය ටැක්සි සේවාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසෙන අතර HelaGo හරහා මගීන්ට තෝරාගැනීම් සහිත වඩා උසස් ටැක්සි අත්දැකීමක් සහතික කරන අතර රියදුරන් සඳහා සාධාරණ ඉපැයීම් අවස්ථා සහතික කරයි.
දැනට පවතින ටැක්සි වෙන්කරවා ගැනීමේ සේවාවල මෙන් පද්ධතිය මගින් තීරණය කරන මිලක් වෙනුවට, මගීන්ට තමා අවට සිටින රියදුරන් කීපදෙනෙකු යෝජනා කරන මිල ගණන් සසඳා බලා, තම අවශ්‍යතාවයට සහ ගමනට වඩාත් ගැලපෙන ටැක්සිය තෝරගැනීමේ නවතම ක්‍රමවේදයක් HelaGo හඳුන්වා දෙයි. මේ හරහා මගීන්ට ටැක්සියක් වෙන් කරවා ගැනීමේදී, වඩාත් දැනුවත් තීරණ ගැනීමට ඉඩ සලසන අතර එක් එක් වේලාවට අනපේක්ෂිත ලෙස වෙනස්වන මිල ගණන් සහ මුදල් ගෙවීම් ආශ්‍රිත ව්‍යාකූලත්වයන් නොමැති උසස් සේවාවක් සහතික කරයි.

සේවාව එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්, HelaGo නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ධනික පෙරේරා එහි “විවෘත සහ සාධාරණ” නව මිල ක්‍රමය ගැන රියදුරන් දැනුවත් කළ අතර, මධ්‍යගතව පාලනය කරන මිල ක්‍රමයකට වඩා රියදුරු-මගී එකඟතාව හරහා තීරණය වන මිල ක්‍රමයක් මඟින් දෙපාර්ශවයටම සාධාරණත්වය සහ විනිවිදභාවය සහතික වන ආකාරය පැහැදිලි කළේය. අනපේක්ෂිත ගාස්තු වෙනස්වීම් මඟහරවමින්, මගීන්ට අවට සිටින රියදුරන්ගේ ගාස්තු සංසන්දනය ක​ර ගමන් වෙන්කරවා ගැනීමට ඉඩ ලබා දීම තුළින්, සාධාරණත්වය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා මෙම නව මි​ල ක්‍රමවේදය නිර්මාණය කර ඇත. HelaGo ගමන් ගාස්තු මුදල් සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම යන දෙයාකාරයටම ගෙවීමට පහසුකම් සපයා ඇති අතර, මගීන්ට තමන් කැමති ක්‍රමයට මුදල් ගෙවීමට එමගින් ඉඩ සලසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍ර​යේ ගෞරවයට පාත්‍රවූ සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහය සමඟ ගොඩනගාගත් හවුල්කාරිත්වයක් හරහා පසුගියදා HelaGo ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍ය ආයෝජනක් ලබා ගැනීමට සමත් වූ අතර, HelaGo ටැක්සි සේවාව රට පුරා ව්‍යාප්ත කිරීමට සහ මගී ජනතාව අතර කඩිනමින් HelaGo ප්‍රචලිත කිරීම සඳහා එමඟින් මූල්‍ය ශක්තිය සැපයෙයි. මෙම සමාගම් දෙකම 100% ක් ශ්‍රී ලාංකික හිමිකාරීත්වය දරන ස​මාගම් බැවින්, මෙම සහයෝගීතාවය මෙරට සමාජයීය ගැටළු සහ න​ව අවශ්‍යතා වෙනුවෙන් දේශීය නවෝත්පාදනයන් සහ ජාතික මට්ටමේ ඩිජිටල් විසඳුම් බිහිකිරීමට ඇති නැඹුරුව පිළිබිඹු කරයි.

HelaGo ටැක්සි වෙන් කරනවා ගැනීම් දැන් Android සහ iOS දුරකථන ඔස්සේ සිදු කළ හැකි අතර, මගීන්ට සේවාව පරිශීලනය කිරීමට පහසු ආකාර දෙකක් ලබාදී ඇ​ත. හෙළකුරු Superapp එක භාවිතා කරන පරිශීලකයින්ට ​ඒ හරහා සෘජුවම HelaGo ටැක්සි වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා ඇති අතර, දැනටමත් හෙළකුරු භාවිතා කරන මිලියන ගණන​ක ශ්‍රී ලාංකිකයින්ට ඒ හරහා ඉතා පහසුවෙන් HelaGo වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැ​බේ. හෙළකුරු භාවිතා නොකරන පරිශීලකයින්ට සහ විදෙස් සංචාරකයින් සඳහා, “Go by HelaGo” නමින් අලුත්ම ස්වාධීන ඇප් එකක් එළිදක්වා ඇති ඇති අතර, එය Google Play Store සහ Apple App Store හරහා ලබාගැනීමට හැකියාව පවතී.

ජනවාරි 6 වන දින සිට බස්නාහිර පළාත තුළ ආරම්භ වීමට නියමිත HelaGo ටැක්සි සේවා​ව ඉතා ඉක්මණින් රට පුරාම සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. HelaGo ශ්‍රී ලංකාවේ ටැක්සි රථ සේවාව නව යුගයක් කරා ගෙන යමින් මෙරට මගී ප්‍රවාහන ක්‍රේෂ්ත්‍රය තුල රියදුරු-මගී දෙපාර්ශවයටම සාධාරණ සේවාවක් සැපයීමට අපේක්ෂා කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *