Post Views: 71 ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ වෛද්‍ය අංශය විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සේවා සායනයක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයන් හේතුවෙන් සිදුවූ නාය යෑම් නිසා අවතැන් වූ ජනතාව රැදී සිටින වලපනේ ග්‍රාමීය රෝහලේ හා මඩුල්ල ජාතික පාසලේ ස්ථාපිත කර ඇති සුරක්ෂිත මධ්‍යස්ථානවල ජනතාව සඳහා පැවැත්විය. මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදා වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමඟ ශල්‍ය, විකිරණවේද, ළමා රෝග සහ දන්ත ශල්‍යකර්ම යන විශේෂඥ වෛද්‍ය සේවාවන් ද, මනෝවිද්‍යාත්මක සහ භෞත චිකිත්සාවන් ද ඇතුළත් සම්පූර්ණ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී විය. එමඟින් අවතැන් වූ ජනතාවට සම්පූර්ණ සහ ඒකාබද්ධ වෛද්‍ය සේවාවක් සපයන ලදී. එමෙන්ම නායයෑම් තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අවතැන් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමද මෙම වැඩසටහනට සමගාමීව සිදු කරන ලදී. මෙම ක්‍රියාදාමය මඟින් විපතට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය සහ මානුෂීය සහය එකම ස්ථානයකදී ලබා දීමට හැකි වු අතර, මෙම වෛද්‍ය වැඩසටහන මඟින් ළමුන් 80 දෙනෙකු ඇතුළුව රෝගීන් 400 දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමට හැකි විය. තවද, ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුරේ මූලිකත්වයෙන් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විපතට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹේවෙල, හාවාඑළිය, කඳපොල සහ ශාන්තිපුර යන ප්‍රදේශවල 1,000කට අධික පිරිසකට වෛද්‍ය උපදේශන, අත්‍යවශ්‍ය ප්‍රතිකාර සමඟ වෛද්‍ය සායනයන් පවත්වන ලදී. Post navigation ගැබිණි මාතාවන්ට රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාව ලබාදීම අරඹයි. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ 25 වන සභාපතිවරිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත්වේ.