Post Views: 67 පවතින ආපදා තත්ත්වය සහ ළඟ එන උත්සව සමය පාදක කොටගෙන ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාව ලබා දීම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදු කෙරුන අතර වැල්ලවත්ත ප්‍රදේශයේ ගර්භණී මාතාවන් 230 කට පෝෂණ මලු ප්‍රදානය කෙරුණා . එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, “මවකගේ වගකීම වන්නේ දරුවා කුස තුළ දාරා සිටීම පමණක් නොවේ. ඔබ සතුටින් සිටීමත් අතිශයින්ම වැදගත්. වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇති පරිදි, මවගේ සතුට සහ මානසික සැනසීම, කුස තුළ සිටින දරුවාගේ මොළය වර්ධනයට සහ අනාගත පෞර්ෂයයට සෘජුවම බලපානවා. ඔබ කනස්සල්ලෙන් සිටියොත්, එය දරුවාටත් අහිතකර ලෙස බලපානවා” යනුවෙන් පැවසීය. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රය සෑම අතින්ම දියුණු කිරීමට රජය බලාපොරොත්තු වෙන බවත් කවර අභියෝගාත්මක තත්ත්වයක් මධ්‍යයේ වුවද, මව සහ දරුවා වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන ලදී. 2025 නොවැම්බර් මස 30 වන දිනට පෙර මාතෘ සායනයන් හි ලියාපදිංචි වූ මව්වරුන් සහ මාස හතරකට නොවැඩි දරුවන් සිටින කිරිදෙන මව්වරුන් එක් වරක් පමණක් ලබා දෙන මෙම දීමනාවට හිමිකම් කියනු ලැබේ. මෙම දීමනාව ලබාදීම සංඛේතවත් කරමින් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පැවැත්වුණු දීමනාව ලබාදීමේ අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඇතුළු මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ මව්වරුන් එක්ව සිටියහ. Post navigation SLMA Foundation Sessions 2025 කොළඹ ගුවන් හමුදා රෝහලෙන් වලපනේ සහ මඩුල්ල සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා වෛද්‍ය සායනයක්.