Post Views: 76 කොළඹ මහ නගර සභාව සිරිත් පරිදි සිදු කරන වාර්ෂික නත්තල් වැඩසටහන වෙනුවට මෙවර ‘‘බලාපොරොත්තුවේ පහන්‘‘ යන තේමාවෙන් දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ විනාශයෙන් ශ්‍රී ලංකාවේ ජිවිත අහිමිවූවන් සහ අවතැන් වූ පවුල් ද සහිතව රට පුරා සිටින ප්‍රජාවන් වෙනුවෙන් පහන් දල්වා සිහිපත් කිරීමක් සිදු කරන ලදී. කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවති මෙම ආලෝකමත් කිරීමේ අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ කොළඹ නගරාධිපතිනි ව්‍රාරායි කැලී බල්තසාර්, අගරදගුරු නිල නිවසේ ලේඛකාධිකාරී ෆ්‍රීලි මුතුකුඩ ආරච්චි පියතුමා සහ සර්ව ආගමික පූජකවරුන් ඇතුළු පිරිසක් සහභාගීවිය. මෙහිදී ගංවතුර උවදුරින් පීඩාවට පත් දරුවන් සඳහා පාසල් පොත් කට්ටලද ලබාදීම සිදුකෙරුණු අතර දිවි අහිමි වූවන්ට ගෞරව කිරීමට සහ ජිවිත ගලවා ගත් අයට ශක්තියක් වීමට පරිත්‍යාගශීලීන් සදහා අවස්ථාව ලබාදීමටද කටයුතු කර තිබුනි. Post navigation இந்திய மருத்துவக் குழு தனது பணியை வெற்றிகரமாக நிறைவு செய்து இந்தியா பயணமானது IMF Executive Board Approves US$206 Million in Emergency Financial Support for Sri Lanka