Post Views: 73 Analog (ප්‍රතිසම) රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා වන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. මේ වන විට මෙරට රූපවාහිනී නාලිකා සංඛ්‍යාත වර්ණාවලියේ උපරිම ධාරිතාව භාවිතා කරමින් ක්‍රියාත්මකව පවතින අතර, වසර 46 ක් පමණ පැරණි Analog රූපවාහිනී විකාශන පද්ධතිය වෙනුවට නවීන තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්ත්වයේ ඩිජිටල් අත්දැකීමක් ලබාදීම අරමුණු කර ගනිමින්, තනි ඩිජිටල් භෞමික විකාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි, ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය විසින් ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2025 වර්ෂයේදී ආරම්භ කර තිබෙන බව සඳහන් වේ. ඒ සඳහා, ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය විසින් ගිවිසුමකට එළඹ ඇති අතර, මෙම ව්‍යාපෘතිය 2029 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය අවසන් වී වසර 02 කින් පසු පැරණි Analog රූපවාහිනී විකාශන පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමට නියමිතව ඇති අතර, එම නිසා ඒ වෙනුවෙන් තවදුරටත් බලපත්‍ර ලබා දීම ඵලදායී නොවන බවට නිරීක්ෂණය කර ඇති බැවින් Analog (ප්‍රතිසම) රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා වන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි. මෙහිදී මින් ඉදිරියට රූපවාහිනී ග්‍රාහකයන් විසින් නාලිකා නැරඹීම සඳහා මුදල් ගෙවීමක් සිදුකල යුතුදැයි යන ප්‍රශ්ණය මාධ්‍යවේදීන් විසින් විමසීමක් කල අවස්ථාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ, ඒ සම්බන්ධයෙන් දැනට කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි නමුත් නාලිකා නැරඹීමට අවශ්‍ය සම්බන්ධතාවට ලබාදෙන උපකරණ සඳහා යම් මුදලක් ගෙවීමට සිදුවිය හැකි බවයි. Post navigation වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර රතු නිවේදනයක්.