Post Views: 566 ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් නිරතවන දීපව්‍යාප්ත සියලුම ජනමාධ්‍යවේදීන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂාකර බලා ප්‍රතිකාර සිදුකිරීම, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යවන මාධ්‍යවේදීන් ප්‍රධාන රෝහල්වල සායන සදහා යොමුකිරීම, වෛද්‍ය උපදෙස් ලබා දීම මෙන්ම පසුවිපරම් කිරීම මෙම “තෙවන ඇසට සුවය සදමු” වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණු ලෙස සැලකේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බංඩාර ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙදහෙදියන් සහ සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් පිරිසක්ද, ජනමාධ්‍යවේදීන් පිරිසක්ද එක්ව සිටියහ. අක්ෂි විශේෂඥ වෛද්‍ය සංගමයේ විශේෂ දායකත්වය මත පැවැත්වුනු මෙම සායනය සදහා ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් අක්ෂි පරීක්ෂාකර ගැනීම සදහා එක් වූ අතර අංග සම්පූර්ණ අක්ෂි පරීක්ෂාවක් පමණක් නොව අධි රුධිර පීඩනය, රුධිර සීනි පරීක්ෂාවද මෙහිදී සිදුකෙරුනි. එමෙන්ම නොමිලයේ ඇස් කන්නාඩි ලබාදීමද සිදුකල අතර විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම සියලු වෘත්තීන් නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තිකයන් මෙම විශේෂ සායනය සදහා සිය දායකත්වය ලබාදෙනු ලැබීය. Post navigation SLMA Foundation Sessions 2025 ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම මෙන්ම අයාල ආඥා පනත අවභාවිතා කරනවා. රටේ ලිංගික වෘත්තිය නිතිගත කිරීම කල යුතුද ?