යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත් කෙටුම්පත මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් අයිතිය ඉවත්කිරීමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ වෙනුවට සිදුකෙරෙන්නේ, 1986 අංක 4 දරන ජනාධිපති අයිතිවාසිකම් පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබා දී ඇති අතිරේක වරප්‍රසාද අඩු කිරීම පමණක් බව ද එහිදී පෙන්වා දී ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් හත විභාගයට ගත් අවස්ථාවේදීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් විභාග කෙරේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *