Post Views: 231 සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරවාය ග්‍රාම නිලධාරී ලෙස කටයුතු කල ග්‍රාම නිළධාරිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කාර්‍යාංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. වාර්තා වන අන්දමට මෙම ග්‍රාම නිළධාරිනිය අලුතින් පත්වීම් ගත් තවමත් පරිවාස කාල්සීමාවේ සිටින තැනැත්තියක් වන අතර ගොවිඳුපුර වසමේ නීති විරෝධීව ගස් කැපීමට බලපත්‍රයක් ලබාගැනීමට උත්සහාකර ඇත. ඒ සදහා මෙම නිළධාරිනිය සහායක් ලබාදී නොමැති නිසා එකී පුද්ගලයා මෙම නිළධාරිණිය සමග අමනාපව සිට ඇත.මේ අතර ඔහුගේ මිතුරෙකු හට නීත්‍යානූකූලව ගස් කැපීමට අවසර ලද අවස්ථාවක එකී පුද්ගලයා මාර්ගයෙන් ග්‍රාම නිළධාරී කාර්යාලයට අල්මාරියක් ලබාදීමට ඉල්ලූ බව සදහන් කරමින් වෙළඳ සැලකට මුදල් ගෙවා එහි බිල්පත අදාල ග්‍රාමනිළධාරිණියට ලබාදෙන මොහොතේ ඇයව අල්ලස් චෝදනාවකට හසුකිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කර ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි. කෙසේ වෙතත් අල්ලස් චෝදනාවට ඇයව අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ, ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් මිල දී ගන්නා ලද තේක්ක ගස් 18 ක් කැපීම සඳහා නීත්‍යනුකූල බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ග්‍රාමනිලධාරියා විසින් ඉඩම පරීක්ෂා කර ලබා දිය යුතු හිටිගස් වාර්තාව ලබාදීම වෙනුවෙන් රු.23,000/-ක වටිනා මෙලමයින් වර්ගයේ දොරපලු දෙකේ කුඩා අල්මාරියක් පැමිණිලිකරුගෙන් ඉල්ලා එම අල්මාරිය සඳහා ගෙවිය යුතු ඉහත මුදල පැමිණිලිකරුට වෙළඳසැලට ගෙවීමට කටයුතු කරන ලෙසට දන්වා එම බිල්පත අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන හිටිගස් වාර්තාව පැමිණිකරුට ලබාදීම යන චෝදනාව මත වන අතර ඉදිරි අධිකරණ කටයුතු වලදී මෙම සිදුවීමේ සත්‍ය අසත්‍ය බව හෙළිදරව් වනු ඇති. Post navigation දේශබන්දු තෙන්නකෝන්ටත් ඇප නියම කෙරේ. හිටපු ජනපතිලාගේ පැන්ෂන් එක නොකපන බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි.