2024 වසරට අදාලව පසුගිය මාර්තු මස පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ වන විටදී නිකුත්ව ඇත.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ විභාගයට පෙනී නොසිට ඍජුව උපාධි පාඨමාලාවක් හැදෑරීමට මේ වන විට අවස්ථාව හිමි වී තිබේ.
විශේෂයෙන්, තොරතුරු තාක්ෂණය, මෘදුකාංග ඉංජිනේරු සහ කළමනාකරණය ආදී ක්ෂේත්‍ර කිහිපයකට සම්බන්ධ උපාධි හැදෑරීමේ අවස්ථාව පවතී.
එවැනි උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය විෂයයන්ට අවම වශයෙන් C සාමාර්ථ සහිතව විෂයයන් 5කින් සමත්ව තිබිය යුතු ය.
එවැනි සුදුසුකම් සහිත දරුවන්ට පදනම් පාඨමාලාවක් සමත් වීමෙන් පසු උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබා ගත හැකි ය.
වයස අවුරුදු 15 දී පදනම් පාඨමාලාව අරඹන දරුවෙකුට වයස අවුරුදු 19 හෝ 20 වන විට පළමු උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ගමන් මග අදියර 12 කට බෙදී තිබේ. එම අදියර 12 මෙසේ ය. (Sri Lanka Qualification Frame)

සාමාන්‍ය පෙළ හෝ ඊට සමාන සුදුසුකම් (සහතික පත්‍ර පාඨමාලා)
උසස් පෙළ හෝ ඊට සමාන සුදුසුකම්
ඩිප්ලෝමා මට්ටම
උසස් ඩිප්ලෝමා මට්ටම
පළමු උපාධිය (වසර 3) (Bachelor)
විශේෂ උපාධිය (වසර 4)
පශ්චාත් උපාධි සහතික පත්‍ර මට්ටම
පශ්චාත් උපාධි ඩිප්ලෝමා
ශාස්ත්‍රපති/විද්‍යාපති (Masters) - පාඨමාලාවක් පදනම් වූ
ශාස්ත්‍රපති/විද්‍යාපති (Masters) - පර්යේෂණයක් සහිත පාඨමාලාව
දර්ශනපති (MPhil)
දර්ශන විශාරද (PhD)

කෙසේ වෙතත් අධ්‍යාපන යෝග්‍යතා මට්ටමේ ඉහළට යාම සඳහා මෙම අදියර 12 ම අනුපිළිවෙළින් පසු කිරීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නැත.
උදාහරණයක් ලෙස උසස් පෙළ සාර්ථකව සමත් වීමෙන් 3 වන සහ 4 වන අදියර දෙක ම මග හැර 5 වන අදියරේ හෝ 6 වන අදියරේ ඇති උපාධියක් හැදෑරීමට අවස්ථාව හිමි වෙයි.
ඊට අමතරව, 6 වන මට්ටමේ විශේෂ උපාධියක් ගෞරව සම්මාන සහිතව සමත් වීමෙන් 7,8,9 අදියරයන් පසු කර ඍජුව ම 11 වන අදියරේ දර්ශනපති උපාධියක් හැදෑරිය හැකි ය.
මේ අනුව, මෙම සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ වුව ද, අධ්‍යාපන ගමන් මග කෙටි කර ගැනීමට අවස්ථා පවතී‍.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *