අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. අදාල නාමලේඛනය සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙඩ් අඩවිය වන www.wbb.gov.lk ට පිවිස අස්වැසුම – 2 අදියර සුදුකම්ලාභීන්ගේ නාම ලේඛනය බලා ගැනීමේ හැකියාවද පවතිනවා.

දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබා දී ඇති තොරතුරුවල වැරැද්දක්, වෙනස්කමක් තිබෙන බවට හැගී යන සහ සුදුසුකම්ලාභින්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම සදහන් වී නොමැති අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති අතර අස්වැසුම 2 අදියර සදහා මූලික අයදුම්පතක් ඉදිරිපත් කළද නිවාස තොරතුරු එක් රැස් කිරීමට රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු තම නිවසට නොපැමිණියේ නම් එවැනි අයදුම්කරුවන්ටද අභියාචනාවක් ඉදිරිපත් කළ හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කල නිවේදනයේ සදහන්ය.

එසේ වුවත් එක් අභියාචනාකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනයක් පමණි. අභියාචනා ගොනු කිරීමට පෙර සියළුම අභියාචනාකරුවන් නිවාස තොරතුරු එක්රැස් කිරීමේදී තම පවුල පිළිබඳ ලබාදුන් තොරතුරු IWMS දත්ත පද්ධතියට පිවිස නිරීක්ෂණය කළ යුතුයි. ඒ සඳහා තම QR / HH අංකය සහ මුරපදය භාවිත කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

අභියාවනා ගොනු කිරීමේදී අයදුම්කරුවන් ලබා දුන් ජංගම දුරකථන අංකය නිවැරදි සහ සක්‍රීයව තිබීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ජංගම දුරකතන අංකය නිවැරදී නොවේ නම් හෝ අක්‍රීය තත්වයේ පවතී නම් අයදුම්කරු අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් නව අංකය පද්ධතියට ඇතුළත් කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *