සෑම වසරකම ජුනි මස 26 වන දිනට යෙදී ඇති මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධී ප‍්‍රවාහනය පිළිිබද ජාත්‍යන්තර දින වැඩසටහන ඊයේ (26) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී ආරම්භ වූ මෙම වැඩසටහන විවිත‍්‍රවත් පාගමනකින් අවසන් වූු අතර මෙම අවස්ථාව විචිත‍්‍රවත් කිරීම සදහා පාසල් තූර්ය වාදක කණ්ඩායම් මෙන්ම, විවිධ සංවිධාන හා මහජනතාව විශාල පිරිසක් සම්බන්ධ වූහ.

මෙහිදී උත්සව සභාව ආමන්ත‍්‍රණය කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප‍්‍රකාශ කොට සිටියේ මත්ද්‍රව්‍යවලට එරෙහි තවත් එක් දිනයක් බවට මෙම දිනය පත් නොකරන බවත්, මත්ද්‍රව්‍යවලට එරෙහිව අඛණ්ඩ වැඩ පිලිවෙලක් ක‍්‍රියාත්මක කරන බවත් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් මේ වන විට විවිධ අංශ ඔස්සේ වැඩ කටයුතු සිදු කරමින් පවතින බවත් ය.

මෙම අවස්ථාව සදහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය, ඇතුලූ රජයේ නිළධාරීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *