පසුගියදා වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සතුව තිබූ රන් ආලේපිත T56 ගිනි අවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥ දුමින්ද දිසානායකගේ සම්බන්ධතාවයක් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිස් විමර්ශන මගින් හෙළිවී ඇති ආකාරයට හිටපු අමාත්‍යවරයා හැව්ලොක් සිටි නිවසක පදිංචි 68 හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙකු වන අතර මීට මාස කිහිපයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය හැව්ලොක් සිටි කාන්තාවගේ නිවසට යවා එය සඟවා තබන ලෙස උපදෙස් දී ඇත. මෙම කාන්තාව මෙම අවිය සහිත බෑගය භාරගෙන ඇත්තේ එහි T56 ගිනි අවියක් තිබෙන බව නොදැන බවත් පොලිස් විමර්ශනවල නිගමනය වී ඇත.
අනතුරුව මෙම බෑගය මාස හයක් තිස්සේ එම කාන්තාවගේ නිවසේ තිබී ඇති අතර පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය ගත් අවස්තාවේ මෙහි ගිනි අවියක් ඇති බව දැක බෑගය සමග ගිනි අවිය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ ඒ අතරතුරදී වන අතර පසුව ඔවුන් ඒ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේදී එය නවීනපන්නයේ T56 ගිනි අවියක් බවත් හෙළිවී තිබේ.

මෙහි විමර්ශණ තවමත් ක්‍රියාත්මක අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා සහ ඔහුගේ අරක්කැමියා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *