අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, පොදුදේපල පණත යටතේ පවරා තිබූ නඩුවකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (19) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වර්ෂයේ දී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීමට රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කල බවට පොදු දේපොළ පණත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

ඒ අනුව, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරු නවයට පමණ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී සැකකාර මංත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු කල ඉල්ලීම පිළිබඳව සලකා බැලූ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත මංත්‍රීවරයාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *