Post Views: 147 ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර ගණනාවක් අවලංගු කර ඇති අතර දුර ගමන් දුම්රිය වාර සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. දුම්රිය ලොකමොටිව් ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරන ආකාරයට අද (16) පෙරවරුවේ ධාවනය වී ඇත්තේ දුම්රිය 21 ක් පමණකි. මේ අතර මෙම වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරන්නේ, විසඳුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩ වර්ජනය අසාධාරණ බවයි. නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අමාත්‍යාංශය පවසා සිටින්නේ, අමාත්‍යාංශය ලෙස මෙම වසර ආරම්භයේ දී ම දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇති බවත් ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 දෙනෙකු ඇතුළත් බවත් ය.මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටළුකාරී තත්වයන් මත අමාත්‍යංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව මේ වන තෙක් කිසිදු නව බඳවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇති බව සඳහන් කරන අමාත්‍යාංශය,වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ඇතුළු කරුණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025.05.07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් එළඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුවත්කර ඇති බව පවසයි. මෙම ඉල්ලීම් වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබාදී තිබියදී, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මඟින් විසඳාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යංශ ලෙස අප්‍රසාදය පළ කර සිටින බවත් එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූ බව පැහැදිලිව පෙනීගිය අතර තත්වය නිසිපරිදි කළමණාකරනය කර ගැනීමට රජය අපොහොසත් වූ බව දුම්රිය මගීන්ගේ අදහසයි. Post navigation නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ඉල්ලයි. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මන්ත්‍රී චාමරට අධිකරණයෙන් දුන් නියෝගය.