Post Views: 114 ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත්කල විද්වත් කමිටුවක් මඟින් ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් පවතියි. නව පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගත වීම අදහස් කරනු ලැබේ. මේ සඳ්හා මහජනතාවට තම අදහස් හා යෝජනා ලබා දිය හැකි බව සඳහන් කර ඇත. ඒ අනුව අඳාල මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින සිට දින 14 ක් ඇතුළත, ලියුම් කවරයේ වම් කෙළවරේ “ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා යෝජනා ” යනුවෙන් සඳහන් කොට ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නො. 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ legal@moj.gov.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි. Post navigation අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සුපිරි වාහනත් වෙන්දේසි කෙරේ. දුම්රිය වර්ජනයෙන් ආණ්ඩුව හෙළවෙයි. වර්ජනය සාර්ථකයි. දුම්රිය ස්ථානාධිපතිවරු සංගමය කියයි.