අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇත.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම යන වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සතු අධික සුඛෝපභෝගී වාහන දහයක් මිල ගණන් කැඳවා වෙන්දේසි කර විකිණීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකර ඇත.

ඒ යටතේ වෙන්දේසි කිරීමට නියමිත BMW වර්ගයේ රථ 02 ක්, නිසාන් X-trail රථ 01 ක්, Land Rover Defender රථ 02ක්, ටොයෝටා Land Cruiser රථ 3ක්, මිට්සුබිෂි Montero රථ 01 ක් සහ මිට්සුබිෂි වර්ගයේ පෙජරෝ රථයක් විකිණීමට සැලසුම් කර මිල ගණන් කැඳවා ඇත.

By Dewmi Talisha

Dewmi Talisha Staff reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *