Post Views: 128 වැඩ තහනම් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස 19 වනදා පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම විමර්ශනය වෙනුවෙන් අදාළ කමිටුව මේ වනවිට දින කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී ඇති බවත් වාර්තා වනවා. Post navigation පලාත් පාලන මැතිවරණයේ මේ වන විට ප්රකාශිත ඡන්ද ප්රථිපල අනුව ජාතික ජන බලවේගය ඉදිරියෙන්. බෙල් 212 අනතුරෙන් හමුදාවේ පහකට දිවි අහිමි වෙයි.