2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මේ වන විට ප්‍රකාශිත පලාත් පාලන ආයතන 216 කින් ජාතික ජන බලවේගය වැඩිම බලයක් අත්පත් කරගෙන ඉදිරියෙන් සිටී. ඒ අනුව,

ජාතික ජන බලවේගය මහනගර සභා 16 ක්, නගර සභා 24 ක්, ප්‍රාදේශීය සභා 133 ක් වශයෙන් පළාත් පාලන ආයතන 173 ක් ජය ලබා ඇත.
ඉලංකෙයි තමිල් අරසු කච්චි මහනගර සභා 02 ක්, නගර සභා 01 ක්, ප්‍රාදේශීය සභා 29 ක් වශයෙන් පළාත් පාලන ආයතන 32 ක් ජය ලබා ඇත.
සමගි ජන බලවේගය නගර සභා 01 ක්, ප්‍රාදේශීය සභා 05 ක් වශයෙන් පළාත් පාලන ආයතන 06 ක් ජය ලබා ඇත.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නගර සභා 03 ක් පමණක් ජය ලබා ඇත.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රාදේශීය සභා 03 ක් පමණක් ජය ලබා ඇත.
ජනනායක තමිල් දේශීය කුට්ටනී මහනගර සභා 01 ක් පමණක් ජය ලබා ඇත.

කෙසේ වෙතත් තවත් පලාත් පාලන ආයතන ගණනාවක ඡන්ද ප්‍රථිපල නිකුත් වීමට තිබෙන අතර වාර්තා වන අන්දමට එම පලාත්පාලන වල වැඩිබලයත් ජාතික ජන බලවේගය ලබමින් පවතින බව තොරතුරු වාර්තා වෙමින් පවතී.

මේ අනුව මීළඟට ඇත්තේ අදාල පලාත් පාලන ආයතන වල සභාපති / උප සභාපති හා නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති තෝරා ගනු ලැබීමයි. ඒ සඳහා පලාත් පාලන ඡන්ද විමසීමේ පනතේ ප්‍රකාරව කටයුතු කල යුතු අතර,
යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් අදාල පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබාගෙන ඇත්නම් එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ අදාල ස්වාධීන කණ්ඩායමේ නායකයාට මෙම ධූරයන් සඳහා පත්කිරීම් සිදුකළ හැකිය.

එමෙන්ම, කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් 50%කට වඩා වැඩි සභික සංඛ්‍යාවක් ලබාගෙන නොමැති අවස්ථාවක එම පළාත් පාලන ආයතනයේ මංගල සභා වාරයේදී සභිකයන්ගේ ඡන්දයෙන් ධූරයන් සඳහා පත් කිරීම් කළ හැකිය.

By Dewmi Talisha

Dewmi Talisha Staff reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *