Post Views: 127 හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත දළදා දැක්ම වෙනුවෙන් මහජනතාව ඊයේ සිටම පෝලිම්වල එක්රොක් වී සිටිනාකාරය මේ වන විටදී මහනුවර දක්නට ලැබේ.සැදැහැ සිතින් දළදා වඳපුදා ගැනීම පිණිස මෙසේ පැමිණි ගැහැණු පිරිමි ළමා ලපටි බාළ මහළු බැතිමත්තුහු දළදා වන්දනාව සඳහා ජනතාව පෙළ ගැසීමට සකසා ඇති පෝලිම්වල ඉටි රෙදි බිම එළාගෙන වැතිර සිටින ආකාරය දක්නට ලැබීම මෙරට ජනතාවගේ ආගමික ශ්‍රද්ධාව මනාව පිළිඹිබු කරන්නකි.මේ ආකාරයෙන් දළදා වන්දනාව ආරම්භ කිරීමට නියමිත දිනට පෙර සිටම ජනතාව මෙසේ එක් රොක් වීම නිසා මහනුවර මහනගර සභාවට ත් අමතර ගැටලුවක් උද්ගත වී තිබේ. ඒ මෙම පිරිසට අවශ්‍ය මූලික සනීපාරක්ෂක පහසුකම් සැලසුම් කල දිනට පෙර සිටම ලබාදීමට පියවර ගත යුතු නිසාය. කෙසේ නමුත් ඒ සඳහා අවශ්‍යය සියලූ විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහනුවර මහ නගර සභාව සඳහන් කර සිටී.එමෙන්ම ජනතාවට අවශ්‍යය සියලුම සෞඛ්‍ය පහසුකම් සඳහා අවශ්‍යය විධිවිධාන සලසා ඇති බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා සඳහන් කර සිටින ලදී .විශේෂයෙන්ම දළදා වන්දනාව ආරම්භ කෙරෙන 18 වෙනිදා සිට පුරා දින දහයක් මහනුවර නගරය පුරා දන්සැල් 228 ක් ක්‍රියාත්මක බවත් එයට අමතරව නගර සභාවේ ලියාපදිංචිය ලබාගෙන ඇති ජංගම වෙළඳුන් විසි අටක් ආහාරපාන අලෙවි කිරීම සඳහා අවසර ලබාගෙන ඇති බවත් නාගරික වෛද්‍යවරයා සඳහන් කරන ලදී. හෙට (18) සිට සැදැහැවතුන්ට ශ්‍රී දළදාව වන්දනා කිරීමට අවස්ථාව උදාවන්නේ පහත පරිදිය, අප්‍රේල් මස 18 වන දින ප.ව. 3.00 සිට ප.ව. 5.30 දක්වාත්,අප්‍රේල් මස 19 වන දින සිට 27 වන දින දක්වා දිනපතා මධ්‍යහන 12.00 සිට ප.ව. 5.30 දක්වාත් ය. Post navigation වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාගයේ දින නිකුත් කෙරේ. Suspicious parcel : Bomb disposal squad called to Russian Embassy in Colombo