Post Views: 195 වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ (2024) තරඟ විභාගය 2025.04.27 වන ඉරු දින පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන II) චාමික එච්. ගමගේ මහතා සඳහන් කරයි. මේ වන විට ඉල්ලුම් කරන ලද සුදුසුකම් ලත් අයදුම්කරුවන් වෙත අදාල ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. මෙම තරඟ විභාගය සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් 600 කට අධික සංඛ්‍යාවක් ඇති අතර, කොළඹ හෙද විදුහල, කඳාන හෙද විදුහල, කොළඹ පශ්චාත් හෙද විදුහල, කාසල්වීදිය කාන්තා රෝහල විභාග මධ්‍යස්ථාන වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ www.health.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැක. Post navigation ජනමාධ්‍යකරණය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර. Empowering Women in Journalism මහනුවර දළදා දැක්ම හෙට (18) සිට ඇරඹේ. සැදැහැවතුන් දැන් සිටම පෝලිම් වල