එළඹෙන මැයි මාසයේදී ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ගිගා ඡායාරූප උත්සවය (Giga Photo Festival) සඳහා සහභාගීත්වය ලබාදීම අරමුණු කරගත් ඡායාරූපකරණය සහ දෘෂ්‍ය කතන්දර සැකසීමේ පුහුණු වැඩසටහනක් පසුගියදා මහනුවර දී ආරම්භ විය. යුනිසෙෆ් සංවිධානය ක්‍රියාත්මක ලොව පුරා රටවල් 190 කට වැඩි ප්‍රමාණයක් මෙම ගිගා ඡායාරූප උත්සවය සඳහා සහභාගී වන අතර “සම්බන්ධතාවයේ ප්‍රීතිය” (The Joy of Connection) යන තේමාව මූලික කරගත් ඡායාරූප හෝ දෘෂ්‍ය කතන්දර මේ සදහා ඉදිරිපත් කල හැක.

මේ සඳහා මෙරට තරුණ ප්‍රජාව සක්‍රීයව සහභාගීකරවා ගැනීම අරමුණු කරගෙන දිවයින පුරා වයස අවුරුදු 13 ත් 18 ත් අතර දරු දැරියන්ගෙන් ඉල්ලුම්පත් කැඳවීමෙන් තෝරාගත් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සදහා මෙම දින 5 ක පුහුණු වැඩසටහන පසුගිය දා (07) මහනුවර සත්යෝදය පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරුණි.

මෙම පුහුණු වැඩසටහන අවසානයේදී සහභාගීවන දරු දැරියන් විසින් ලබාගත් ඡායාරූප සහ දෘෂ්‍ය කතා ඇතුලත් ප්‍රදර්ශණයක් ලබන 11 වන දින පෙරවරු 09.00 ට මහනුවර සත්යෝදය පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව යුනිසෙෆ් ගිගා වැඩසටහනේ සම්බන්ධීකාරක ඩැනියෙල් ජින්සියෑන්මුංග් මහතා සදහන් කරන ලදී.

ගිගා (Giga) යනු යුනිසෙෆ් (UNICEF) සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) අතර හවුල්කාරිත්වයක් වන අතර එය ලොව සෑම පාසලක්ම අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට කටයුතු කිරීම තුලින් සෑම තරුණයෙකුටම තොරතුරු, අවස්ථාව සහ තේරීම් සදහා අවස්ථාව ලබාදීමටත් ක්‍රියාකරන්නකි. 2019 දී එය ස්ථාපිත කළ දා සිට, Giga සහ එහි හවුල්කරුවන් පාසල් මිලියන 2.1 කට වඩා සිතියම්ගත කර ඇති අතර පාසල් 24,000 කට වැඩි ගණනකට අන්තර්ජාල සම්බන්ධතාවය සඳහා ප්‍රවේශයක් ලබා දීමට කටයුතු කර ඇත. මේ හරහා ආසන්න වශයෙන් සිසුන් මිලියන 11 කට පමණ ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාකර දී ඇත.

UNICEF-Giga Photo Mentorship Programme is Inaugural in Kandy

Giga is excited to announce our inaugural competition with the theme “The Joy of Connection”. We are calling all photographers and visual storytellers globally!

Connectivity has the power to change lives. We invite you to capture the transformative impact of internet access on individuals and communities.

Giga is a partnership between UNICEF and the International Telecommunication Union that aims to connect every school in the world to the Internet. At Giga, we understand that photography, when coupled with the internet, is a powerful tool for connecting us with the world.

This contest is open to photographers of all experience levels — from young emerging photographers to professional photojournalists.

As part of this initiative, we are also launching the Giga Photo Mentorship Programme. This programme aims to amplify youth voices for internet connectivity in Sri Lanka, guiding them to explore and visually document its impacts on their lives, families, and communities. This week-long programme will increase advocacy opportunities through these stories and share messages with community members, policymakers, and other stakeholders on the importance of connectivity.

The photographs taken by the youth, along with the accompanying stories, will explore their everyday experiences of connectivity impacts. These insights offer a local and child rights perspective with an exhibition on 11th April 2025 in Kandy, contributing to a more inclusive connectivity dialogue and pushing the agenda of “Connectivity as Child Rights and Human Rights”.

By Dewmi Talisha

Dewmi Talisha Staff reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *