Post Views: 167 වසර 5 කට පසුව පැවැත්වීමට නියමිත මධ්‍යම රජයේ බදවා ගැනීමට නියමිත කළමනාකරණ සේවා විවෘත තරග විභාගයට සමගාමීව පළාත් සභා 9 තුළ පවතින පුරප්පාඩු සදහාද විවෘත තරග විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පළාත් බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර පැවැසීය. 2020 ජූලි මස 17 ගැසට් කල කළමනාකරණ සේවා විවෘත තරග විභාගය මැයි මාසයේ 18 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශිත විභාග කාලසටහනින් තහවුරු කර ඇත. ඒ සදහා අයදුම්කරුවන් 135000 ආසන්න ප්‍රමාණයක් සිය ඉල්ලුම්පත් යොමු කර ඇත. පළාත් කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 2850 කට වැඩි ප්‍රමාණයක් පවතින බැවින් ව්‍යවස්ථානුකූලව ඒ බදවා ගැනීම් සදහා අවශ්‍ය උපදෙස් පළාත් බලධාරීන් වෙතද ලබා දෙන මෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වෙත රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමය මගින් ඉල්ලීමක් කර තිබෙන අතර අදාල සියලු පළාත් බලධාරින් වෙතටද එම ඉල්ලීම යොමු කර ඇත. රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා සදහන් කරන ආකාරයට, පසුගිය වසර අවසානයේ ඒ ඒ පළාත් වල ගනනය කර ඇති ආකාරය අනුව වසරේ අවසන් දිනට පුරප්පාඩු ලෙස බස්නාහිර පළාත තුල පුරප්පාඩු 684 ක්වයඹ පළාත 503මධ්‍යම පළාත 373නැගෙනහිර පළාත 339උතුරු පළාත 239ක්උතුරු මැද පළාත 199දකුනු පළාත 187ඌව පළාත 185සබරගමුව පළාත 161 ක් ලෙසින් පුරප්පාඩු පවතින බව තොරතුරු දැනගැනීම යටතේ සිය සංගමය තහවුරු කර බවත් පවසයි.එලෙසම කළමනාකරණ සේවා අධිශ්‍රේණියේ පුරප්පාඩු 250 ක් පවතින බවත් එයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130 ක් පමණද පළාත් රාජ්‍ය සේවාවේ 120 ක් පමණ පවතින බැවින් එම විභාගය ද කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී. එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග…🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news🛑යූ ටියුබ්/youtube www.youtube.com/@smn24news🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk🛑ටික්ටොක්/tiktok https://vt.tiktok.com/ZSF55Fjqt/🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. සෞඛ්‍ය ඇමති කියයි. UNICEF-Giga Photo Mentorship Programme is inaugural in Kandy. ජිනීවා ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව යුනිසෙෆ් – ගිගා වෙතින් ඡායාරූපකරණ පුහුණුවක්.