Post Views: 205 මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු සිදුකල පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ යි. නීතිඥයකු සහ නඩුවක පාර්ශවකරුවකු ලෙස සැරසුණු අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර මහත්වරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් මෙම මහෙස්ත්‍රාත්වරයාගේ අධිකරණ කටයුතු රහසිගතව නිරීක්ෂණය කර තිබෙනවා. අදාළ මහෙස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් හේතුවෙන් මෙම පරීක්ෂාව සිදු කර ඇති අතර නඩු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් සහ සාක්ෂි රැස් කිරීමෙන් පසු, දිවා ආහාර විවේකයේ දී මහෙස්ත්‍රාත්වරයාගේ කුටියේ දී ම ඔහු හමු වූ විනිසුරුවරු, ඔහුගේ පැහැදිලි කිරීම්වලින් සෑහීමකට පත් නොවීම නිසා ඒ මොහොතේ ම විනිසුරුවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග…🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news🛑යූ ටියුබ්/youtube www.youtube.com/@smn24news🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk🛑ටික්ටොක්/tiktok https://vt.tiktok.com/ZSF55Fjqt/🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. සෞඛ්‍ය ඇමති කියයි.