Post Views: 167 බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අමාත්‍යාංශ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි.එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවිමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ද පත් කර තිබෙන බවත් සදහන් කරන අමාත්‍යාංශය සියළුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සියළු නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙන බවත් සඳහන් කරයි. Post navigation ආරක්ෂිත මාර්ග සහ ජීවිත සුරැකීමේ වැඩසටහන. මහේස්ත්‍රාත්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ.