අද (31) මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිළ පහත පරිදි සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව සදහන් කර සිටී.

පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිළ රුපියල් 10.00 කින් අඩුකරන අතර නව මිළ රුපියල් 299.00 කි.
පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිළ රුපියල් 10.00 කින් අඩුකරන අතර නව මිළ රුපියල් 361.00 කි.

ලංකා සුදු ඩීසල් මිළ වෙනසක් නොවන අතර එහි මිළ රුපියල් 286.00 කි.
ලංකා සුපිරි ඩීසල් මිළ වෙනසක් නොවන අතර එහි මිළ රුපියල් 331.00 කි.
ලංකා භූමිතෙල් මිළ වෙනසක් නොවන අතර එහි මිළ රුපියල් 183.00 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *