කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1123 ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම ඊයේ (19) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ පිළිමතලාව පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් ඇත.

ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය එස් 12 බලවේග එන්ජින් දෙකකින් සමන්විත අතර එහි පිටුපස එන්ජිම මෙසේ ගැලවී යනු දුටු මගියෙකු දුම්රියේ හදිසි අවස්ථා දම්වැල ඇද ඇත. මෙහිදී දුම්රිය මද දුරක් ගොස් නතර වීමේදී ගැල්වුනු එන්ජිම නතරවූ දුම්රිය අසලට පැමිණ නතර වී ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය විශාල අනතුරක් අනූනවයෙන් වැළකී ගිය බවත් පසුව යලි එන්ජිම තාවකාලිකව දුම්රියට සවිකරගෙන මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණ අළුත්වැඩියා කටයුතු කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *