Post Views: 140 ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයේ 01/2024 දරණ පනත ප්‍රකාරව නව පාලක මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේ දී සිදුවිය.එහිදී, 1.පූජ්‍ය ඕමාරේ පුන්නසිරි හිමි2.ග්‍රේෂන් ගාබ්‍රියෙල් ඇන්ටෝනිටෝ අරුල් රාජ් පියතුමා3.විනෙතෘ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න4.මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ඩී. ෂර්ලි ලාල් ග්‍රෙගරි විජේසිංහ5.මහාචාර්ය ෆරීනා රුසායික්6.ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර7.සුචිත් අබේවික්‍රම මහතා8.හශීම් ශාලි මහතා යන සාමාජිකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීම සිදු කල අතර මෙම අවස්ථාවට ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය. Post navigation දෙකෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානු යුවළක් රේගූ අත්අඩංගුවට. ආරක්ෂාව අඩුකිරීමට එරෙහිව හිටපු ජනපති මහින්ද ඉදිරිපත් කල පෙත්සම ඉවතට.