Post Views: 148 රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. අද පෙ.ව. 11.00 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 403 ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණි ගුවන් මගීන් අතර සිටි මෙම යුවල ඩුබායි සහ ඉන්දියාව අතර ව්‍යපාරික කටයුතුවල නිරත වී සිටින්නන් බවට හදුනාගෙන ඇත. ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති “හරිත මාවත” ඔස්සේ ගමන් මලුවල සඟවා ගෙන පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී කිලෝග්‍රෑම් 2.4 ක් පමණ වූ කුෂ් ගංජා තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙනු ලැබීය. Post navigation නීතිය නවන්න හැදුව දේශබන්දුගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වෙයි. ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයට නව පාලක මංඩලයක් පත් කෙරේ.