Post Views: 249 2023 වසරේ මාතර, වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.එයට අමතරව අදාල පුද්ගලයාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් අය සිටීනම් ඔවුන්ද අත් අඩංගුවට ගැනීමටත් නියෝග නිකුත් කරන ලදී.රිට් පෙත්සමේ තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ. Post navigation අනුරාධපුර මහා රෝහලේ වෛද්‍යවරිය ලිංගික අපහරණය කල සැකකරු හඳුනා ගැනේ. දෙකෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානු යුවළක් රේගූ අත්අඩංගුවට.