Post Views: 189 අක්කර පහට අඩු පොල් වතු හිමියන්ට පොල් පොහොර සහනාධාරය මෙම මස අවසන් සතිය තුළ ලබාදීමට කටයුතු කරන බවත් ඒ අනුව වෙළඳපළ රුපියල් 9500 ක් වන කිලෝ ග්‍රෑම් 50 ක පොහොර මිටිය රුපියල් 4000 ක් වැනි සහන මිලකට ලබා දෙන බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය. රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොහොර මේට්‍රික් ටොන් 27,500 ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,000 ක් සකස් කිරීම පොහොර සංස්ථාව මේ වනවිට සිදු කෙරෙන බවත් අක්කර 5 ට අඩු පොල් වගා වගාකරුවන්ට සහන මිලකට එම පොහොර ලබාදීම සිදුකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශීය උපදේශන කාරක සභාව අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් ඊයේ(05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව සදහන් කරන ලදී. එමෙන්ම මෙරට පොල් වගාව දියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5 ක් මෙම වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම වසර තුළ අක්කර 36,000 ක් තුළ අලුතින් පොල් වගාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඉන් අක්කර 16,000 ක් උතුරු පොල් ත්‍රිකෝණයටත් ඉතුරු 20,000 අනෙකුත් ප්‍රදේශවලට අයත් වන බවත් අවධාරණය කළේය. මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිගම ප්‍රදීප මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතාද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල සභාපතිවරු අධ්‍යක්ෂකවරුන් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු අමාත්‍යාංශ නිලධාරින්, අමාත්‍යාංශ උපදේශන කාරක සභා ලේකම් හා පාර්ලිමේන්තු නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. Post navigation ග්ලෝකෝමාවෙන් මිදී දෙනෙත් සුරකින්න අක්ෂි විශේෂඥයින්ගෙන් වැඩසටහන් රැසක්. අනුරාධපුර මහා රෝහලේ වෛද්‍යවරිය ලිංගික අපහරණය කල සැකකරු හඳුනා ගැනේ.