Post Views: 307 අන්ධභාවයට බලපාන ප්‍රධානතම හේතුවක් වන ග්ලෝකෝමාව සම්බන්දයෙන් ජනතාව තුල එතරම් වැඩි අවබෝධයක් නොමැතිකම නිසා වාර්ෂිකව විශාල පිරිසක් ස්ථීර අන්ධභාවයට පත්වන බවත් කල ඇතිව හඳුනාගනීම තුලින් පෙනීම ආරක්ෂාකර ගත හැකි බවත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි. මෙවර ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු 09 සිට 15 දක්වා යෙදී ඇති අතර අදෘෂ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු යන තේමාව යටතේ මෙවරද ග්ලෝකෝමා සතියෙහි ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් දැනුවත් කිරීම සඳහා ජාතික අක්ෂි රෝහලේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එම වැඩසටහන් සම්බන්ධයෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීම සිදුවිය. ඒ යටතේ, මාර්තු 29 වන දින මහනුවර ජාතික රෝහලේදී විශේෂ ග්ලෝකෝමා අක්ෂි සායනයක් පැවැත්වීමට නියමිතය. සායනික දේශන මාර්තු 11 වනදා කොළඹ ජාතික අක්ෂි රෝහලේදී සංවිධානය කර ඇත. මීගමුව, මහනුවර, කොළඹ හා ගාල්ල යන රෝහල් ආශ්‍රිතව වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩමුළු රැසක්ද සංවිධානය කර ඇත. ග්ලෝකෝමාව හදුනා ගැනීම දෘෂ්ඨි ස්නායු පරීක්ෂාව, ඇසේ පීඩනය මැනීම, ඇසේ දෘෂ්ඨි පරාසය මැනීම ආදී පරීක්ෂාවන් මගින් සිදු කරනු ලබයි. මෙම ඇස් පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් කරගත හැකි අතර, ලංකා ජාතික අක්ෂි රෝහල ඕනෑම ශික්ෂණ රෝහලක, ඕනෑම මහ රෝහලක මෙන්ම ඇතැම් මූලික රෝහල් මගින් ද මෙම පරීක්ෂණ නොමිලේ සිදු කර ගත හැක. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බංඩාර මහතා අවධාරණය කරන්නේ වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් අතර පවුලේ ග්ලෝකෝමා රෝගී ඉතිහාසයක් ඇති ඥාතීන් සිටින්නේ නම් එම පුද්ගලයින් අඩුම වශයෙන් වසරකට වරක්වත් ග්ලෝකෝමාව සදහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතු බවයි. Post navigation Government seek railway Digitalize through RDMNS Voluntary Railway Network අස්වැන්න වැඩි කරන්න අක්කර 5 ට අඩු පොල්වතු හිමියන්ට සහන මිලට පොල් පොහොර ලබාදෙයි.