Post Views: 292 කොළඹ මහ නගර සභාවේ සේවකයකු බොරැල්ල පොදු සුසාන භූමියට පවරා ඇති සභා ඉඩමක 1994 සිට, අනවසර අවමංගල්‍ය ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බව, පොදු ගිණුම් කාරක සභාවේදී(COPA) අනාවරණය විය. අවමංගල්‍ය ශාලාව සදහා බලපත්‍රයක් නොතිබුණද, එය සමාගම් රෙජිස්ට්‍රාර්වරයා හමුවේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බව නිලධාරීහු අනාවරණය කළහ. මෙහිදී, පාරිසරික බලපත්‍රයක් පවා නොමැතිව අවමංගල්‍ය ශාලාවක් වසර 30 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වීමට අවසර දී ඇත්තේ කෙසේදැයි COPA සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ප්‍රශ්න කළ අවස්ථාවේදී සමහර නිළධාරීන් විවිධ හේතු ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, මේ සම්බන්ධව එවකට හිටපු නාගරික කොමසාරිස්වරිය වන ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය කරුණු ගණනාවක් හෙළිකල අතර අවමංගල්‍ය ශාලාව පිහිටා ඇති ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය ඉල්ලා සිටීමට උත්සාහ කිරීම සඳහා සේවකයා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඒ සදහා නිසි ක්‍රියාමාර්ග ගත් බවත් මේ සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශනය කිරීම නිසා ඇයට ජීවිත තර්ජන පවා එල්ල වූ බවත් සදහන් කරන ලදී. මෙම වංචනික කටයුත්ත හේතුවෙන් මහනගර සභාවට රුපියල් මිලියන 41 ක අලාභයක් සිදුවී ඇති බව ඇය අනාවරණය කර තිබේ. එමෙන්ම, රජයේ සේවකයකු ව්‍යාපාරයක නිරතවීම නීතිවිරෝධී බැවින්, එම සේවකයා වංචනික ලෙස ව්‍යාපාරයේ නම නිතර නිතර වෙනස් කරමින් ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බව ඇය තවදුරටත් පවසා ඇත. අනවසර අවමංගල්‍ය ශාලාව වසා දැමීමට වහාම පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කළ කෝපා කමිටුව, නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තොරව තනි පුද්ගලයෙකුට මෙතරම් කාලයක් මෙතරම් විශාල පරිමාණ වංචාවක් කරගෙන යා නොහැකි බව ද සදහන් කරමින් පොදු දේපළ පනත යටතේ කොළඹ මහ නගර සභාවේ සේවකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කළේය. Post navigation ඉෂාරා ගැන හරි තොරතුරක් දුන්නොත් පොලීසියෙන් රුපියල් ලක්ෂ 12 ක තෑග්ගක් Government seek railway Digitalize through RDMNS Voluntary Railway Network