Post Views: 188 ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ ව්‍යාජ හැඳුනුම්පතක් තිබී ඇති අතර එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු පෙනී සිට ඇත්තේ ‘කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක’ නමින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කර සිටී. අලුත්කඩේ මහේස්ත්‍රාත් සංකීර්ණය තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කොළඹ සිට පලා යමින් සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේදී, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු 2015 වසරේදී යුද හමුදා සේවයෙන් පළා ගොස් ඇති අතර, පොදු සමාව ලබා දුන් කාලයේදී හමුදා සේවයෙන් ඉවත්වී ඇති බවද මොහු නම් තුනකින් පෙනීසිට ඇති බවත් සදහන් කරන පොලීසිය, මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් ලෙසත්, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක ලෙස සහ සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි යන නම් වලින් ඔහු පෙනී සිට ඇති බව සදහන් කරයි. Post navigation ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවාවක් සදහා මහජන සෞඛ්‍ය ඩිප්ලෝමාධාරීන් 187 ක් පුහුණුව නිමාකෙරේ. ඉෂාරා ගැන හරි තොරතුරක් දුන්නොත් පොලීසියෙන් රුපියල් ලක්ෂ 12 ක තෑග්ගක්