Post Views: 313 කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගියදා එම විද්‍යායතන ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.මෙහිදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිම කළ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් 46 දෙනෙකුට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 141 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවේ අදහස් දක්වමින්, පසුගිය කාලය තුළ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අප අත්පත් කර ගත් දියුණුවට වඩා ඉහළ දියුණුවක් ඉදිරි වසර කිහිපය තුළ දී අත්පත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කය වී ඇති බවත්, එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරියේ නිරත පිරිස් ඉදිරි සැලසුම් නිසි ඉලක්කයකින්, නිසි කාල රාමුවකට ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව රාජකාරියෙන් ඔබ්බට ගිය සේවාවක් ලබාදීමට අධිෂ්ඨාන කරගත යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්වධන, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කලුබෝවිල, සෞඛ්‍ය අමාතාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රණසිංහ, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්‌ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් එක්වුහ. Post navigation “All Lawyers to Undergo Body Searches Before Entering Court” – Acting IGP ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලඟ නීතීඥ සංගමයේ සාමාජික හැඳුනුම්පතක්