Post Views: 175 දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමඟාමීව සිදුකල විශේෂ පරීක්ෂාවකදී ගිනිඅවි රැසක් අත් අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කටුනායක, හීනටියන ප්‍රදේශයේ නිවසක් වටලා සිදුකල පරීක්ෂාවකදී මෙම ගිනිඅවි තොගය සොයාගෙන තිබේ. එහි තිබී, විදේශීයව නිෂ්පාදිත නවීන පිස්තෝලයක් හා පතුරම් ගැබ් 2 ක්, නවීන රිපීටර් වර්ගයේ තුවක්කු 2 ක් සහ පතුරම් ගැබ් 2 ක්, මිමි 9 වර්ගයේ ජීව පතුරම් 47 ක් සහ බෝර 12 වර්ගයේ ජීව පතුරම් 20 ක් පොලිස් බාරයට ගෙන ඇත. මෙහිදී මෙම නිවසේ පදිංචි වයස අවුරුදු 54 ක් වන පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම ගිනි අවි වලට අමතරව වාහන අංක තහඩුවක් සහ රක්ෂන බලපත්‍රයක් සොයාගෙන ඇති අතර මේවා සංවිධානාත්මක අපරාධ සදහා භාවිතාකර තිබේද යන්න පිළිබඳව විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි. Post navigation මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්. “All Lawyers to Undergo Body Searches Before Entering Court” – Acting IGP