Post Views: 118 විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විය. ජපන් භාෂාව හදාරා ඇති තරුණ තරුණයින් 500 ට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වු අතර, ලියාපදිංචි වන අයදුම්කරුවන් වෙනුවෙන් ලිඛිත පරීක්ෂණයක්, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වා ඉන් සමත්වන්නන් අවසන් සම්මුඛ පරීක්ෂණයකට යොමුකරනු ලැබේ. එමගින් සුදුසුකම් සපුරන ලද රැකියා අපේක්ෂිතයින් ජපානයේ IM Japan ආයතනය හරහා ජපානයේ රැකියාවලට ඉදිරියේදී යොමුකිරිමට නියමිතය. මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබල ගැන්විම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ග්‍රාමිය සංවර්ධන,සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබල ගැන්විම් අමාත්‍යංශ ලේකම් මලර්මදි ගංගාධරන්, කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක, යන මහත්ම මහත්මියන් සමග IM Japan කොළඹ නියෝජිත කාර්යාලයේ සාමාන්‍යාධිකාරි, කාර්යාංශයේ නිළධාරින්,සමෘද්ධි අධිකාරියේ නිළධාරින් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරින් ද එක්විය. Post navigation කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්. මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්.