පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ මත්පැන් හලේ කළමණාකරු ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ පාදුක්ක පොලීසියේ නිළධාරීන් අදාල පුද්ගලයාව අත් අඩංගුවට ගෙන කල ප්‍රශ්ණ කිරීමකදී එය ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් බව හෙලිවී ඇත.

ඊයේ (30) සවස මෙම පුද්ගලයා අදාල රටබීම අලෙවි සලට පැමිණ මෙම මුදල් නෝට්ටුව ඉදිරිපත්කර බීම මිලදී ගැනීමට උත්සහා දරා ඇත.

චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග එක්වන්න

එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග…
🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news
🛑යූ ටියුබ්/youtube www.youtube.com/@smn24news
🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl
🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com
🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk
🛑ටික්ටොක්/tiktok https://vt.tiktok.com/ZSF55Fjqt/
🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශණ කටයුතු පාදුක්ක පොලීසිය විසින් සිදුකරනු ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *