Post Views: 336 රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවකට අදාලව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මංත්‍රී සලෝචන ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වන ඔහුගේ සොහොයුරු තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් පසුව අතිරේක මහේස්ත්‍රාත් බංඩාර ඉලංගසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත. අනතුරුව මහේස්ත්‍රාත් වරයා විසින් සලෝචන ගමගේ ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මහේස්ත්‍රාත් තිළිණ ගමගේද වරක් විමර්ශන කටයුත්තක් හේතුවෙන් නඩු විභාග කිරීමේ කටයුතු වලින් ඉවත් කර සිට යලිත් මහේස්ත්‍රාත් ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව ලද විනිසුරුවරයෙකි. Post navigation පොහොට්ටු ගුරු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්රාප්ත වේ. හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කරයි