Post Views: 176 නව රජයේ ජාතික ලැයිස්තු මංත්‍රී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසිනි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බවයි. එමෙන්ම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කරන අවස්ථාවේදී රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි,ද පෙත්සමේ සඳහන්වේ. රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී ඇත. ඒ අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. Post navigation දිනෙන් දින රට තුල රිය අනතුරු ඉහලට – පොලිස් වාර්තා හෙළි කරයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි.