Post Views: 160 පසුගිය දින කිහිපය තුල මෙරට දෛනිකව සිදුවන රථ වාහන අනතුරු වල ඉහල යාමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ වාර්තා පෙන්නුම් කරයි. පොදු ප්‍රවාහන සේවා විධිමත් නොවීම හා ප්‍රමාණවත් නොවීම තුල ජනතාව කෙසේ හෝ තමන්ගේ පුද්ගලික ප්‍රවාහන මාධ්‍යයකින් සිය අවශ්‍යතා සපුරා ගැනීමට පෙළඹී ඇත. මේ නිසා මාර්ගවල ඇතිව තිබෙන අධික තදබදය රියදුරන්ගේ ඉවසීම නැතිකර මාර්ග නීතී උල්ලංඝනය කිරීමට ඔවුන් නිතැතින්ම යොමුවීම මේ තත්වයට ප්‍රධානතම හේතුවක් බව පෙනේ. ගෙවී ගිය දිනය තුල පමණක් රට තුල සිදුවූ රිය අනතුරු විශාල ප්‍රමාණයක් අතුරින් මාරක රිය අනතුරු හතරක් නිසා පුද්ගල ජීවිත හතරක් අහිමිවී තවත් තිදෙනකු තුවාල ලබා ඇත. එම සිදුවීම් වලින් වාර්තා වූ ශෝචනීයම සිදුවීම වාර්තා වූයේ මහනුවර ප්‍රදේශයෙන් වන අතර එම සිදුවීමේදී ජීවිතක්ෂ්‍යට පත්ව ඇත්තේ පියා සමඟ යතුරුපැදියේ ගිය වයස අවුරුදු 17 ක පාසල් සිසුවියකි. මහනුවර පොලිස් වසමේ විලියම් ගොපල්ලව මාවතේ කි.මී 02 කණුව අසලදී ඊයේ (16) උදෑසන සිදුවූ එම අනතුරෙන් ගැටඹේ දෙස සිට මහනුවර දෙසට ධාවනය වු යතුරු පැදියක් එම දෙසටම ධාවනය වු බස් රථයක් පසුකර යාමට උත්සාහා කිරීමේ දි යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව පෙරලී බස් රථයේ ගැටි ඇත. එම අනතුරින් යතුරු පැදියේ පිටුපස ගමන්ගත් පාසල් සිසුවියගේ හිස බස් රථයේ ආරක්ෂක වැටෙහි ගැටී ඇය එම ස්ථානයේදීම මියගොස් තිබේ.මෙවැනි ශෝචනීය සිදුවීම් දිනෙන් දින ඉහල යන තත්වයක් තුල රථවාහන පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ මාර්ගයට කුමන හෝ රථයක් ඇතුළු කරන විටදී මාර්ග නීතී වලට අනුකූලව සිහි කල්පනාවෙන් ගමන් ගන්නා ලෙසයි. අනතුරක් සිදුවූ පසුව එහි සමස්ථ අලාභය කිසි ලෙසකින්වත් පූරණය කල නොහැකිබව නිරතුරුවම සිහි තබාගෙන කටයුතු කරන්නේ නම් රිය අනතුරු අවම කරගත හැකි බවත් පොලීසිය සදහන් කරයි. Post navigation සජිත් ප්‍රේමදාසටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ සැලසුමක්. ඇමතිවරයෙකුගේ මංත්‍රීකම බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්.